Wednesday, May 23, 2012

Sunday, May 6, 2012

ටොමා....

මේ කතාව උනේ අපි 9 වසරෙ ඉන්න කොට..
අපේ වසරෙම උන්නා "ටොමා" කියල කොල්ලෙක් (ටොමා කියලා කියන්නෙ අපි ආදරේට ).. මු ටිකක් අහිංසක කොල්ලෙක්..
අපේ ඉස්කොලෙ ENGLISH සර් කෙනෙක් උන්නා එයා හැම වෙලාවෙම කොටන්නෙ කඩ්ඩෙන්..  සර් ජිවිතේටම සිංහලෙන් කතා කරල නැද්ද කොහෙද... අපිත් ඉතින් සර් ව දැක්කම හොරෙන්ම මග අරිනවා...
ඔන්න දවසක් ටොමා ඉස්කොලෙ කොරිඩොර් එකක යනකොට සර් ඉස්සරහට එනව ලු..
මූත් ඉතින් සර් ව දැකල දත් තිස් දෙකම එලියට දාල හිනා වෙලා..
සර්රුත් මුට හරි ආදරෙයි.  සර්.. "ඕ යන් බොය්" (OH ‍YOUNG BOY !!!) කියලා
ටොමා බොහොම අහිංසක විදිහට "සර් යන්න මම පස්සෙ එන්නම් " කියල සිංහලෙන් කිවලු..